ඉදිරි පාළාත් පාලන මැතිවරණය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කෙරෙන බව එම පක්ෂය පැවසීය. දිස්ත්රීක්ක මට්ටමින් අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර ප්රථමයෙන් බදුල්ල දිස්ත්රික්කයේ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අතර එම කටයුතු ලබන 14 වන දින දක්වා සිදු කිරීමට නියමිතය.
ජුලි මස 19 සහ 21 යන දෙදෙන තුළ මහනුවර දිස්ත්රික්කයේ අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා දහ දහසකට වැඩි පිරිසක් අයදුම්පති ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.