පළාත් පාලන මැතිවරණය පැවැත්විමට අදාළව නගර සභා, මහා නගර සභා, ප්‍රදේශීය සභා සභික සංඛ්‍යාව ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (01දා) අත්සන් තැබීය.ඔහු ප්‍රකාශ කළේ එය මුද්‍රණය සඳහා අද (01දා) රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට යොමුකරන බවයි. මේත් සමගින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු බාධා ඉවත් වී යයි.