විවිධ හේතූන් මත කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් 01 දා නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පාළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවැසීය.
කොළඹදී අද (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. පළාත් පාලන මැතිවරණය ජනවාරි 27 දා පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟ වී ඇත.