ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා පළාත් 09 ක් මූලික කරගනිමින් කමිටු 08 ක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබේ.
ජුලි 19 වැනි දින සිට නොවැම්බර් 11 දක්වා කාලය තුළදී අදාළ කමිටු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වීමට අයදුම් කර ඇති අයදුම්පත්වලට අනුව සම්මුඛ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම කමිටු 08 පත්කර තිබේ.