මාස ගණනාවක් තිස්සේ විවිධ හේතු මත කල් දමමින් පවතින පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි මස අගදී පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව අද (01දා) තීරණය කළේය. මැතිවරණ කොමිසන් සභාව එහි සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පළාත් පාලන ඡන්දය 2018 ජනාරි මස 20 සිට 31 දා අතර ඉරිදා හා රජයේ නිාවාඩු දිනයක් නොවන දිනයක මැතිවරණය පැවැත්වීමට නියමිතය. ලබන මාසයේ 11 සිට 20 දා දක්වා නාම යෝජනා කැඳවීමට නියමිතය.