ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන ආයතන මැතිවරණයත්, මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමය යටතේ මෙම මැතිවරණ දෙක පවත්වන බවත්, එහිදී නාමයෝජනා බාරදෙනවිට ලැයිස්තුවෙන් 10%ක් කාන්තා නියෝජයනය සිදුකළ යුතු බවත් හෙතෙමපවසා සිටියේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තානාපති කාර්යාල නියෝජිතයන් හා දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍යනොවන සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ඊයේ (11දා) පැවැති වැඩමුළුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීමේදී 50%ක් කාන්තාවන්ගේ නම් ඇතුළත් කළයුතු බවයි.
පොදුවේ පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් දක්වා ඉහළ දැමීම යටතේ මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියේය.