කොට්ඨාස ක්‍රමය මූලික කරගත් මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (19දා) දැනුම් දුන්නේය.
පක්ෂ බහුතර එකඟත්වයෙන් මෙම තීරණය ගත් බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණය ජනවාරී මාසයේදී පවත්වන බවත් පැවැසීය. දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය හා නත්තල් උත්සවය යෙදී ඇති බැවින් එය ජනවාරි දක්වා කල් දැමූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.