පීක් ෆීල්ඩ් නිවාඩු නිකේතනයට මධ්‍යම පරිසර අධිකාරියෙන් තිත
නල්ලතන්නිය පීක් ෆීල්ඩි වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ. ඊයේ (31දා) එම වතුයායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන් බව එම වතුයායේ වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ නිවාඩු නිකේතනය කඩා ඉවත්කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබූ බවද වතු අධිකාරීවරයා පැවසීය.
ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකු දිවයිනට පැමිණෙන අවස්ථාවල ඔහුට රැඳීසිටීමට නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර අසූදෙකකින් යුත් මෙම වතුයායේ නිවාඩු නිකේතනය ඉදිකිරීමට ඔහු සැලසුම් කර තබූ බවද වතු අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







