පිහි ඇනුමක් සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා අද (23දා) දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකරුවෙකුගේ නිවසට ගිය අවස්ථාවේදී එම සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකුට පිහි ප්රහාර එල්ලකොට තිබේ.
එකී පිහි ඇනුමෙන් කොස්තාල්වරයාට තුවාල සිදුවී ඇත. එම අවස්ථාවේදී එහි සිටි පොලිස් සැරයන්වරයෙකු එම සැකකරුට වෙඩි තබා ඇති අතර, එම වෙඩි පහරින් සැකකරු මියගොස් ඇත. මෙම සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.