රට බේරාගත් නායකයා වෙනුවෙන් රජයෙන් නිල නිවසක් ලැබෙන තුරු තමා සතු පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තමා තීරණය කළ බව ශ්රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ එස් පී ලියනගේ මහතා 'අද' පුවත්පතට පැවසීය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි දින පහ ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටි පී-කොක් මන්දිරයට රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත අතර වසර කිහිපයක් එම නිවසේ ගතකීරීමට සූදානමින් සිටියි.
ඡායාරුප - ඉසුරු පෙරේරො