(VIDEO) යාපනය තුළ ' ආවා ' නමින් ක්‍රියාත්මක වන්නේ අපරාධ කල්ලියක්ද එසේ නැතිනම් බුද්ධි අංශ කණ්ඩායමක්ද යන්න පිළිබඳව නීතිය , සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඒසඳහා පිළිතුරු නොදී අමාත්‍යවරයා ඉවත්ව ගියේය.
අද (26දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදී මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්න කළ අතර ඒ සඳහා අමාත්‍යවරයා මම කිසිවක් කියන්නේ නැහැ යැයි පවසා නැගිට ගියේය.
යාපනය සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසානයේ සියලු දේ ප්‍රකාශකරන බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත් මේ වන විට යාපනය තුළ ' ආවා ' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණවලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඊයේ(25දා) පැවසීය.
VIDEO