ජනාධිපති සහභාගී වූ අඟුණුකොළපැලැස්ස පුරහල් රැස්වීම් ශාලාවකට ගිනි අවියක් සමගින් ඇතුළුවූ කෝප්රල්වරයා, එම සිද්ධියට අදාළ සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් සැරයන්වරයා ඇපමත මුදාහැරීමට අඟුණුකොළපැලැස්ස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව එක් අයෙකුට ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් හා මුදලින් රුපියල් 25,000 ක මුදල් ඇපමත ඔවුන් නිදහස් කෙරිණි.
තවද ඔවුන් සතු වූ විදේශ ගමන් බලපත්ර අධිකරණය සතු කළ අතර, මොවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසදආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කෙරිණි.
එමෙන්ම සති 02කට වරක් ඉරුදින පෙ.ව. 9.00 - 12.00 කාලය අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණෙන ලෙසටද සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්රාත්වරයා නඩුව එළඹෙන ජූලි මස 14 වැනි දිනට කල් තැබීය.