25 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වශයෙන්ම කැපවී කටයුතු කරන බව පෙන්වා දුන් ඇමතිවරයා,ශ්‍රී ලංකාව තුළ සියලු ආගමිකයන්ට උපරිම නිදහසක් පවතින බවත්, යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ සිටි හමුදාව ක්‍රමයෙන් ඉවත් කිරීමටත්,අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමටත් කටයුතු කළ බව සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රකාශ කරමින් අද (05දා) පැවසීය.
25වැනි මානව හිමිකම් සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ගනු ලැබුවේද විදේශ කටයුතු අමාත්‍යවරයා විසිනි. එසේම තවදුරටත් සමුළුව අමතමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ සිවිල් පරිපාලනය සඳහා ශ්‍රී ලංකා හමුදාවන් කිසිසේත්ම සම්බන්ධ වී නොමැති බවයි.