මාර්තු මස පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසි වාරයේදී සම්මත කරගත් පරිදි ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වන කමිටුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ඊයේ (25දා) නම්කරනු ලැබුවාය.
මෙම කමිටුවට සාමාජිකයන් තිදෙනෙක් ඇතුළත් වෙති. ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේ අවසන් අදියරේදී එල්.ටි.ටී.ඊ. සංවිධානයත්, ශ්‍රී ලංකා ආණ්ඩුවත් සිදුකළ බව කියන මානව කඩවීම් හා ඒ හා සම්බන්ධ විවිධ අපරාධ සොයාබැලීම මෙම කමිටුව මගින් සිදුකරනු ඇති බව මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ඊයේ (25දා) නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
මෙම කමිටුවට පින්ලන්තයේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම නොබෙල් සාම ත්‍යාගලාභී මාර්ටි අාටිසාරි, නවසීලන්තයේ කිර්තිමත් නීතිවේදිනියක මෙන්ම නවසීලන්තයේ ආණ්ඩුකාරවරියක සහ මහාධිකරණ විනිසුරුවරියක වන සිල්වියා කාර්ට්රයිට් (ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ කමිටුවේ ක්‍රියාකාරි සාමාජිකාවකද වෙයි), හා පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනියක මෙන්ම පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ සභාපතිනියකද වූ නීතිඥ අස්මා ජිලානි ජහන්ගිර් යන විශේෂඥයන්ගෙන් මෙම කමිටුව සමන්විත වෙයි.