එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදි සම්මත කරගත් යෝජනාව අනුව ශ්රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීක්ෂණ කිරීමේ කණ්ඩායයමට ශ්රී ලංකාවට ඇතුළු විමට ඉඩ නොදීමට ගෙන ආ යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 134කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණි එක්සත් ජාතික පක්ෂය ජන්දය දීමෙන් වැළකී සිටි අතර දෙමළ ජාතික සංධානය යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු ඡන්දය ප්රකාශ කරන අවස්ථාවේදී සභා ගර්භයෙන් ඉවත්ව ගියහ.