පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය. ‘සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙණ’ ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් සඳහා මූල්‍ය ආධාර සහ පහසුකම් ලබාදීම වෙනුවෙන් ඊයේ (31දා) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා රුපියල් 2,500 ක ශිෂ්‍යත්ව දීමනාව ලබා දීම මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නයේ ඉල්ලීම පරිදි පිරිවෙන් සංවර්ධන අරමුදලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
මෙම අවස්ථාවේ දී හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් ද, රුපියල් ලක්ෂ 09 බැගින් පිරිවෙන් 60ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ආධාර ද, පිරිවෙන් 42ක් සඳහා ගණිත උපකරණ කට්ටල බෙදාදීම ද අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.