කාන්තාවන් විදේශ ගතවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඒ අනුව 2013 වසර තුළදී විවිධ රැකියා සඳහා කාන්තාවන් විදේශ ගතවී තිබෙන්නේ 118058 දෙනෙකු පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.
එසේ වුවත් විදේශ ගතවන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පවතින බව පෙන්වා දෙන අමාත්‍යවරයා 2013 වසරේදී 175047 දෙනෙකු ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වී තිබෙන බවත් පැවසීය. ඒ අනුව කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයන්ගේ විදේශ ගතවීම 56989 කින් වර්ධනයක් පෙන්වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.