පිරිමියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් සමග විවාහ වී වසර අටක කාලයක් විවාහ දිවිය ගත කළ කාන්තාවක් අද (26දා) අත්අඩංගුවට ගෙන තිබේ.
30 හැවැරිදි චන්ද්‍රදාස ආරච්චිලාගේ කුසුම් දසනායක යන සැකකාරිය අද මාතර ප්‍ර ධාන මහේස්ත්‍රාත් යුරේෂාද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 4දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකාරිය චන්ද්‍රදාස ආරච්චිලාගේ කසුන් දසනායක යන ව්‍යාජ නාමයෙන් පෙනී සිට ඇත. සැකකාරිය වැලිඔය ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.