තම පියාගේ ජන්ම භූමිය වූ කෙන්යාව වෙත ජනාධිපතිවරයෙකු ලෙස ප්‍රථම සංචාරය සිදුකරන ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කෙන්යාවේ දූෂණය මැඬලීමට වහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
නයිරෝබි ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඔබාමා ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේ, අප්‍රිකා මහද්වීපයේ සංවර්ධන හැකියාව අවබෝධ කරගැනීම සඳහා ජනතාවට ආධාර කරන ලෙසයි.
මෙම ව්‍යාපාරික සමුළුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔබාමා පවසා සිටියේ, කෙන්යාව නව තාක්ෂණික සමාගම් ආරම්භ කරමින් එම ක්ෂේත්රයට සුවිශේෂී නායකත්වයක් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත්, එම රටවල් දූෂණය මර්දනය කිරීමට තවත් කටයුතු කළ යුතු බවට අවධාරණය කළ ඔබාමා, විනිවිද භාවයෙන් ක්‍රියාකිරීමේ වැදගත්කමද පැහැදිලි කළේය.
පසුගිය සිකුරාදා ආරම්භ කෙරුණු ඔබාමාගේ නිල චාරිකාව ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය ධුර කාලය තුළදීම කෙන්යාව තුළ සිදුකරන ප්‍රථම සංචාරයද වූ අතර, ඔබාමා සිය පියාගේ උපන් ගමේද සංචාරය කිරීමට අමතක නොකළේය.
මේ අතර, 1998 දී ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිපත් කරමින් ඔවුන්ට පුෂ්පෝපහාර දැක්වීමටද ඔබාමා කටයුතු කළේය.