තම පියා මාස හයක කාලයක සිට බලු කූඩුවක සිරකර දමා සිටි දියණියක අත්අඩංගුවට ගත් බව බලගොල්ල පොලීසිය පවසයි. පංචපිටියවත්ත, කෙන්ගල්ල පදිංචි දෙදරු මවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මුර සංචාරයක යෙදී සිටි නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය දැක සෝදිසි කිරීමේදී පියා නිවසට යාබද බලු කූඩුවක සිටියදී එයින් නිදහස් කරගෙන ඇත. හුස්ම ගැනීමට පවා අපහසුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පියා ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමට එම පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
පසුව මෙසේ පියාව සිරකර තැබූ දියණිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකාර කාන්තාව පවුලේ එකම දියණිය බවත්, ඇගේ මව හා සැමියා විදේශගතව සිටින බවත්, පියා හා දරුවන් තිදෙනෙකු සමග ඇය ජීවත් වන බවත් හෙළිවී ඇත.
නවීන පන්නයේ නිවස තුළ එක් කාමරයක පියා මීට පෙර සිටියද, මෑතකදී ගෙනා ඉහළ වටිනාකමකින් යුත් බැල්ලියක විසින් පැටවුන් සිවුදෙනෙකු බිහිකළ පසු පියා සිටි කාමරයට බලු පැටවුන් දමා නිවසට ආසන්නව පිහිටි බලු කුඩුවට පියාව දමා මෙසේ සිරකර සිටි බව හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර දියණිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව බලගොල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා පැවසීය.
චමිල් රූපසිංහ