අනුරාධපුර පිච්ච මල් පූජාව වෙනුවෙන් නොමිලයේ නවාතැන් පහසුකම් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 23 සහ 24 යන දෙදින තුළ මෙම පහසුකම් නොමිලයේ ලබාදීමට නියමිතය අතර සැදැහැවතුන් සඳහා නොමිලයේ අනුරාධපුර දුම්රිය පරිශ්‍රයේ විශ්‍රාම ශාලා, නවාතැන් පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.