පෑනක් වැනි තුවක්කුවක් සමග පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට
- 24 10 2016
- 14:56
- {{hitsCtrl.values.hits}} views
- මීරිගම කාන්ති
මිනුවන්ගොඩ, ආඬිඅම්බලම ප්රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදනය කල පෑනක් ආකාරයේ කුඩා පිස්තෝලයක් හා ජීව උණ්ඩයක් සමග පාතාල කල්ලි සාමාජිකයෙකුඅත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
එම කොට්ඨාසයට ලත් තොරතුරක් අනුව ඊයේ (23දා) මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදූවේ සාගර නමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකි.
සැකකරුට මෙම ගිනිඅවිය ලැබුණු ආකාරය හෙළි කරගැනීම සහ කුමන අරමුණක් මත මෙය ළඟ තබාගත්තේදැයි අනාවරණය කරගැනීමට පරීක්ෂණසිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


