අද උදේ 7.00 සිට සවස 3.00 දක්වා කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි පිළිබඳ පැමිණිලි 110 ක් ලැබී තිබෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මෙයින් පැමිණිලි 14 ක් ලැබී තිබෙන්නේ නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම පිළිබඳව බව එම සංගමයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ අනුව මැතිවරණ ප්රකාශයට පත්කළ දින සිට අද සවස 3.00 දක්වා කාලය තුළදී පැමිණිලි 1,167 ක් ලැබී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව කැෆේ සංවිධානයටත්, අද උදේ 7.00 සිට සවස 3.00 දක්වා කාලය තුළදී පැමිණිලි 70 ක් ලැබී තිබෙන බවත්, මේ අනුව සමස්තයක් ලෙස මේ වනවිට පැමිණිලි 1,511 ක් ලැබී තිබෙන බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.