පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට නියම කරන ලෙස පැෆරල් සංවිධානය ගොනු කොට ඇති පෙත්සම ලබන වසරේ ජනවාරි 30වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.
දැනට කල් ඉකුත් වී ඇති පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට නියම කරන ලෙස පැෆරල් සංවිධානය ගොනුකොට ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත ගොනු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
පැෆරල් සංවිධානය ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිසම හා සීමා නිර්ණ කොමිසම නම් කොට ඇත.