පැසිෆික් සාගරය හරහා තනිව යාත්‍රා කරමින් ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ කළ පුද්ගලයා අතුරුදන්ව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
චීන ජාතික ගුඕ චුආන් නමැති මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති පුවත චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය මෙන්ම, සී.ආර්.අයි. ගුවන්විදුලි ජාලයද තහවුරු කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සැන් ෆ්රැන්සිස්කෝ නුවරින් ගමන් ඇරඹි ඔහු අවසන් වරට සිය ෆේස්බුක් ගණුමෙන් තොරතුරු වාර්තා කර තිබුණේ ඊට දින තුනකට පසුව ගොඩබිම සිට කිලෝමීටර් 2,000ක් දුරින් සාගරයේදීය.
ඔහු ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ සිට චීනයේ ෂැංහයි දක්වා දින 20කින් යාත්‍රා කරමින් ලෝක වාර්තාව තැබීමට උත්සාහ කර තිබුණි.
මිට පෙර දින 21කින් පැසිෆික් සාගරය හරහා යාත්‍රණයක් සිදුකරමින් වාර්තාවක් තබා තිබුණි.