(UPDATE) පැරිස් නගරය ඉලක්ක කරමින් අයිඑස්අයිඑස් ඉස්ලාමී රාජ්‍ය අන්තවාදීන් යුද්ධයක් දියත් කල බව ප්‍රංශ ජනපති හොලන්ඩේ කියයි.
ස්ථාන කිහියක් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රීෙය් සිට එල්ල කල මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස 128 ක් බව මේ වනවිට නිල දත්ත පවසයි.
එමෙන්ම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තවත් 180ක් තුවාල ලබා ඇති අතර 80 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ජිහාඩ් තුවක්කුරුවන් 8 දෙනෙකු හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ප්‍රහාරය දියත් කර ඇති බව හොලන්ඩේ කියයි.
මේ අතර රට තුල දින 3ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර තිබේ.
පැය කිහියකට ෙපර...
පැරිස් නගරයේ ස්ථාන 6ක් ඉලක්ක කරමින් ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පුද්ගලයන් 153ක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. මිනි වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බවද කියයි.
ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් නිල වශයෙන් බාර නොගත්තද, අයිඑස් ඉස්ලාමීය අන්තවාදීන් සමාජජාලා හරහා ප්‍රහාරය තමන් විිසින් සිදුකල බව කියා සිටියේය. එමෙන්ම, ප්‍රහාරය දියත් වී ඇති ආකාරය අනුව එය අල්කයිඩා ප්‍රහාරයකට වඩා අයිඑස් ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් විය හැකි බව විශේෂඥයෝ කියති.
මේ වනවිට තත්ත්වය යම් තරමකට පාලනය කරමින් ත්රස්තවාදීන් 8 දෙනෙකු මියගෝස් ඇති බව ප්‍රංශ බලධාරීන් කියයි. ඉන් 7 දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කර ජීවිත හානි කරගෙන ඇති අතර, ඔවුන්ගේ ශරීරවල බෝම්බ ඇටවූ බඳ පටි තිබූ බවද විදේස් වාර්තා සදහන් කරයි.
මහා ඛේදවාචකය සමග සෙනසුරාදා හිමිදිරි උදෑසන පැරීසියම මහා භීතියකින් ඇලලී ගොස්, එකම මළ ගෙයක් බවට පත්ව තිබේ.
ජනතාවට හැකි තරම් නිවාස තුලටම වී සිටින ලෙසට අවවාද කර ඇති අතර, අමතර 1500ක හමුදාවක් පැරීසියට යොදවා ඇත.
ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්රස්තයන් මියගොස් ඇති බවට බලධාරීන් විශ්වාස කලත් තවම ඒ ගැන නිල සඳහන් කිරීමක් සිදුකර නොමැති අතර, සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.
මීට පැය කිහියකට ෙපර...
ජිහාඩ් තුවක්කුකරුවන් හා බෝම්බකරුවන් පැරීසියේ කාර්ය බහුල අවන්හල්, තැබෑරුම් හා සංදර්ශන ශාලාවක් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රී ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
මෙම ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 153 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සී.එන්.එන්. සේවය පවසයි. කෙසෛ් වෙතත් ප්‍රහාර තවම සමපූර්නයෙන් මැඩපැැවැත්වීමක් වාර්තා ෙනාෙවයි. තවදුරටත් අාරක්ෂක අංශ ත්රස්තයන් ෙසායා ෙමෙහයුම් සිදුකරන අාකාරය වි ෙදස් මාධ්‍ය හරහා දැකගත හැකිය.
බලධාරීන්ට අනුව මියගිය සංඛ්‍යාව මීට අඩු වුවත් ප්‍රහාරයට පැමිනි ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් 5 දෙනෙකුද මරා දැමුුනු බව ෙපාලීසිය කියයි. ඉන් තිදෙනෙකුගේ බදේ පුපුරන ද්‍රව්‍ය සහිත බද පටි තිබී ඇත. මියගිය වැඩි දෙනා සංදර්ශනය තිබුනු බැටක්ලොන් නෘත්‍ය ශාලාවේදී සමූල ඝාතනය කර තිබේ. සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව එම ශාලාව ලේ ගංගාවක් බවට පත්කොට ඇත.
බැටක්ලොන් නෘත්‍ය ශාලාවට ඇතුලු වූ ජිහාඩ් සටන්කරුවන් ඉස්ලාමීය සටන් පාඨ හා දෙවියන් යදිමින් බිම වැතිර සිටි ජනතාවට ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කල බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් සී.එන්.එන්. කියයි.
ජනපති හොලන්ඩේ රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් දේශසීමා වසා දමයි.
අයිඑස් ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුත් මෙය නිල වශයෙන් තහවුරු කර නැත. නමුත් ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් ප්‍රහාරට සම්බන්ධ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
ප්‍රංශ මාධ්‍ය කියන්නේ ප්‍රහාරයට ආ තවත් ත්රස්තයන් සිටිය හැකි බවයි. මේ වනවිට විශේශ හමුදා හා ෙපාලිස් ඒකක පැරීසිය පුරා මෙහෙයුම් සිදුකරයි.