පැරීසියට එල්ල වූ ම්ලේච්ඡ IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ප්රහාරය සිහි කරමින් මීට පැය කිහිපයකට පෙර යුරෝපය පුරා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා තිබේ.
රංග ශාලාවක්, අවන්හල් කිහිපයක් හා ක්රීඩාංගණයක් අසල පසුගිය සිකුරාදා සිදුවූ ප්රහාර මාලාවෙන් පුද්ගලයන් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 350කට අධික පිරිසක් තුවාල ලැබීය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්රංශයට එල්ල වූ දැවැන්තම ප්රහාරය ලෙස සැලකෙන ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ප්රහාරය මේ වනවිට යුරෝපය පමණක් නොව සමස්ත ලෝකයේම ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් ඇති කර ඇත.