සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02දා) කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට ළගාවීය. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා රාජ්‍ය ත්‍රාන්තික සබඳතා ආරම්භව වී වසර 70ක් පිරීම නිමෙන්තෙන් ඔහු ශ්‍රී ලංකාවට පැිණියේය.
ඔස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා පැය හකරක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එම කාලසීමාව තුළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.