අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (20) සිට අනිද්දා (22දා) දක්වා දෙහිවල- ගල්කිස්ස මහ නගර සභා බල ප්රදේශය, සොයිසාපුර. කොටිකාවත්ත-මුල්ලේරියාව, මුල්ලේරියාව උතුර, බත්තරමුල්ල, පැලවත්ත, කොළඹ 4,5 හා 6 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.