අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ සිදුවූ ක්ෂණික බිඳවැටීමක්හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය තුළ සිදුවූ ක්‍රියාවිරහිත වීම යථාතත්ත්වයට පත් කරන තුරු පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් අහිමි වී තිබෙන බවත්, බලාගාරය යථාතත්ත්වයට පත්කිරීමට දින කිහිපයක් ගතවන බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා පැවසීය.
අධිබලැති පද්ධතියේ සිදුවූ බිඳවැටීම හේතුවෙන් බලාගාරයේ ආරක්ෂිත කොටස් අක්‍රිය වී තිබෙන බවත්, මීට අමතරව බොයිලේරු නැවතී තිබෙන බවද පවසා සිටියේය.
එම කටයුතු යථාතත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, මේ නිසා හෙට (19දා) දිනය තුළදී බලාගාරයේ එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගැනීමට හැකිවේයැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
යන්ත්‍ර තුනකින් සමන්විත බලාගාරයේ කඩිනමින් යථාතත්ත්වයට පත්වන යන්ත්‍ර‘යෙන් මෙගාවොට් 275ක් ලැබෙන බවත්, තවත් යන්ත්‍රයක් 22 වැනිදා වනවිට යථාතත්ත්වයට පත්කර ගැනීමට හැකිවන බවද පවසා සිටියේය.
එහෙත් යන්ත්‍ර ක්‍රියාත්මක කරගන්නාතුරු දිනකට පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවත්, ඒ පිළිබඳව අද (17දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත්හෙතෙම පැවසීය.
විදුලිය කප්පාදු නොකර සිටීමට නම් මහවැලි ජලාශවල විදුලි උත්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත්, එහෙත් දැනට මහවැලි ජලාශ භාවිතයට ගන්නේ රාත්‍රී කාලයට පමණක් බවද සඳහන් කළේය. අධිබලැති විදුලි පද්ධතියේ බිඳවැටීමට මූලික හේතුව වී තිබෙන්නේ අධිබලැති විදුලි රැහැන් සහිත ප්‍ර‘දේශවල සිදුවන ගිනි තැබීම් බවද අතුල වන්නි ආරච්චි මහතා පවසා සිටියේය.
අධිබලැති විදුලි රැහැන් පද්ධති කුඹුරු ඉඩම් උඩින් ගමන් කරන බවත්, මේ දිනවල කුඹුරු ඉඩම් ආශ්‍රිතව පිදුරු සහ ඉපනැල්ල ගිනි තැබීම වාර්තාවන බවද පැවසීය.
මෙම ගිනි තැබීම නිසා රැහැන්වල කාබන් බැඳීම හා රැහැන් අතර වාතය ගමන් කිරීමේ කටයුතුවලට බාධා ඇතිවන බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා අධිබලැති විදුලි රැහැන් පද්ධති යොදා ඇති ප්‍ර‘දේශවල ගිනි තැබීම සිදු නොකරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අතුල වන්නි ආරච්චි මහතා පවසා සිටියේය.
අනුරාධපුර සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වී තිබේ.
මේ අතර නොරොච්චෝලේ බිඳවැටීම මේහේතුවෙන් විදුලිය මෙගාවොට් 900ක් රටට අහිමි වී ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ලක්විජය බලාගාරයේ ටර්බයින යන්ත්‍ර ත්‍රිත්වයම බිඳවැටී ඇති අතර, මින් අංක 02 ටර්බයිනය සතියක් ඇතුළත යථාතත්ත්වයට පත්කළ හැකි බව අමාත්‍යාංශය විශ්වාසය තබා තිබේ.
අංක 01 සහ 03 ටර්බයින් යන්ත්‍ර යථාතත්ත්වයට පත්කිරීමට සතියකට වඩා කාලයක් ගතවනු ඇත.
මේ හේතුවෙන් ඇතිවන විදුලි අවශ්‍යතාව පියවා ගැනීමට මහවැලි ජලාශයන්ට අයත් සියලුම විදුලි බලාගාර දහවල් කාලය තුළද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළ බවද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
මේපිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
&නොරොච්චෝලේ බලාගාරයෙන් අනුරාධපුරයට සහ හලාවතට විදුලිය ගෙනයන රැහැන් පද්ධති දෙක අකර්මණ්‍ය වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර සියල්ල හදිසි විසන්ධිවීමකට ලක්වුණා. මෙම විදුලිය පියවා ගැනීම සඳහා දැනට රාත්‍රී කාලයේ පමණක් ක්‍රියාත්මක කරන මහවැලි විදුලි බලාගාර දහවල් කාලයේදීද ක්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලීමක් කළා.
අපේ උත්සාහය විදුලිය කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යන්න. එය ඉතාම අසීරු කාර්යයක්.*යනුවෙන් පැවසීය.
මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් රටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් හයෙන් එකක අඩුවක් පවතින බවත්, එය කළමනාකරණය කරගත යුතුව ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
හෙතෙම මේ අදහස් පළකළේ, නොරොච්චෝල බලාගාරයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සොයාබැලීමට ඊයේ (16දා) බලාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
යම් හෙයකින් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳව අද (17දා) ජනතාවට දැනුම් දෙන බවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මම කර්මාන්ත හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ගේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවාගෙන මේ ඇතිව තිබෙන ආපදා තත්ත්වය කළමනාකරණය කරගන්න උපකාර වෙන්න කියලා. ඒ වගේම අපේ විදුලි පාරිභෝගිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ ඇතිවූ තත්ත්වය මත විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. යම් හෙයකින් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳව අපි හෙට දිනයේදී පාරිභෝගික ජනතාවට දැනුම්දීමට බලාපොරොත්තු වෙනවා. * යනුවෙන් පැවසීය.
ඉන්දික හේවාවිතාරණ/චාමර සම්පත්