පොලීසිය විසින් පැය 24ක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 168 අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ඊයේ (10දා) උදෑසන 6.00 සිට අද (11දා) උදෑසන 6.00 දක්වා දිවයිනේ සියලුම ප්රදේශ ආවරණය මෙම සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කරන ලදී.
මෙහිදී බීමතින් යතුරු පැදි ධාවකයන් 76ක්, ති්රරෝද රථ රියදුරන් 68ක් හා වෙනත් වාහන 24ක රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.