කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද(30) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද උදෑසන 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.