එක්සත් ජාතික පක්ෂයේ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු වී තිබේ. ඌව පළාත් සභා මැතිවරණයේදී වාර්තා වූ එක්සත් ජාතික පක්ෂ පළමු පක්ෂ මාරු කිරීම මෙය බවද වාර්තා වෙයි.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් වසර 19ක් කටයුතු කර ඇති වික්‍රමසිංහ මහතා ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සන්ධානයට සහාය පළ කළේය.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය