පැණි බීම නිෂ්පාදනවල අඩංගු සීනි මට්ටම දැක්වෙන වර්ණ ලේබල 2016 අගෝස්තු පළමු වැනි දින සිට ප්‍රදර්ශනය අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය.
1980 අංක 26 දරන ආහාර පනතේ 32 වගන්ති ප්‍රකාරව මෙම නව රෙගුලාසිය පනවා ඇති බව හෙතෙම පැවසුවේය.
ඒ අනුව මිලිලීටර 100ක පානයක අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11ට අධික නම් රතු පැහැයද, සීනි ග්‍රෑම් 2 ත් 11 ත් අතර ප්‍රමාණයක් අඩංගුවේ නම් කහ වර්ණයද, ග්‍රෑම් 2ට අඩු නම් කොළ පැහැයද ලේබලයට එක්කර එහි භාෂා තුනෙන්ම අඩංගු සීනි ප්‍රමාණයන් සටහන් කළයුතු බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේය.
මෙම නීතිය කාබනේට් අඩංගු පාන වර්ග, ක්ෂණික පානයන්, නෙක්ටා වර්ග, පලතුරු යුෂ පාන ආදී පාන සියල්ලන් සඳහා වන බවද ඔහු පැවසුවේය.