නැගෙනහිර පාසිකුඩා වෙරළට ආසන්නයේ එකම ස්ථානයේ මුහුදේ ගිලී තිබූ නැව් හතරක කොටස් සොයා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය සමත්වී ඇත.
මේ නෞකා 19 වැනි හා 20 වැනි සියවස්වලට අයත් වාෂ්ප නෞකා බවත් මේ නැව්වලින් තුනක් සොයාගෙන ඇත්තේ 2012 වර්ෂයේදී වන අතර ඒ ආසන්නයේම ගිලී ඇති විශාල ප්‍රමාණයේ වාෂ්ප නැවක් පසුගිය අගෝස්තු මාසයේ දී සොයා ගැනීමෙන් මෙතැන ගිලුණු නෞකා සංඛ්‍යාව හතරක් බවට පත්ව ඇති අතර එකිනෙකට ආසන්නව මෙතරම් ගිලුණු නැව් ප්‍රමාණයක් ලොව කිසිදු ස්ථානයකින් හමුනොවන බව සමුද්‍ර පුරාවිද්‍යාඥයන්ගේ අදහසවී ඇත.
සිරංගිකා ලොකුකරවිට