පාසල් ළමයින් ප්රවාහනය කිරීමේ ගාස්තු 5%ත් 10%ත් අතර ප්රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ මහතා පවසයි.
ආදායම් බලපත්ර ගාස්තු, තෙල්, රක්ෂණ ගාස්තු, දුම් විමෝචන ගාස්තු, ටයර්, බැටරි ආදියේ සහ අමතර කොටස්වල මිල මෙන්ම ජීවන වියදම ඉහළයාම නිසාපාසල් ළමුන් ප්රවාහනය කිරීමට යොදාගන්නා වාහන නඩත්තු කිරීම හා සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවූ බවද හෙතෙම පැවසීය.
එසේම මෙම සේවාව සඳහා රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බැවින් අකමැත්තෙන් වුවත් කර්මාන්තය රැකගැනීමේ අරමුණින් මෙසේ ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කළ බවද අමරසිංහ මහතා සඳහන් කළේය.