මතුගම අධ්‍යාපන කලාපයට අයත් ඉත්තෑපාන ශ්‍රී සරණංකර ප්‍රාථමික විද්‍යාලයේ මෙවර පළමුවන ශ්‍රේණියට වරම් අහිමි දරුවන් 27 දෙනෙකු වෙනුවෙන් නව පංතියක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ඊයේ (07) දින දෙමාපියන් උද්ඝෝෂණයක නිරතවිය.
ඉසුරු පාසල් සංකල්පයට අනුව ඉත්තෑපාන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයද ශ්‍රී සරණංකර ප්‍රාථමිකයට අනුබද්ධ කිරීම නිසා මෙම ගැටලුව උද්ගතවී ඇති බව එම දෙමාපියන් පවසයි. මෙහිදී සරණංකර විද්‍යාලය අභියසදී ආරම්භ කළ විරෝධතා පෙළපාලිය කිලෝමීටර් 2ක් පමණ දුර ගෙවා පා ගමනින්ම ඉත්තෑපාන කොල්වින් ආර් ද සිල්වා විද්‍යාලය අභියසට පැමිණ, විවිධ සටන් පාඨ කියමින් බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙම ගැටලුව සඳහා පෞද්ගලිකව මැදිහත් වන බවත්, අද දින (08) පළාත් මහ ඇමති හමුවී විසඳුම් ලබාදෙන බවටත් පොරොන්දු විය.
එහිදී අමාත්‍යවරයා සමග පැමිණි කලාප අධ්‍යාපන අධ්යක්ෂ එන්.පී. පෙරේරා මහතාට දෙමාපියන් දැඩිලෙස දෝෂාරෝපණය කළහ. කෙසේ වුවද මේ සඳහා නිශ්චිත විසඳුමක් පාලන අධිකාරිය ලබා නොදුනහොත් මාරාන්ති උපවාසයක් කරන බව පවසමින් පිරිස විසිර ගියහ.