එක් එක් ශ්‍රේණිවල පන්ති ගණන වැඩි කිරීමෙන් සිසු දරුවන් තුන්හාර දහසක් සිටින නගරබද පාසල්වල තදබදය අඩුකළ නොහැකි බවත්, පන්ති වැඩිකර ඒ අන්දමට දරුවන් වැඩිපුර ඇතුළත් කරගන්නට පාසල් යනු කර්මාන්ත ශාලා නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පන්තියක සිටින දරුවන් සංඛ්‍යාව වැඩි වූ විට ගුරුවරයාට පෞද්ගලිකව දරුවන් වෙත අවධානය යොමුකරන්නට නොහැකි වන බවත්, අවට කුඩා පාසල් මේ හේතුවෙන් ඉබේම වැසී යන තත්ත්වයට පත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ නිසා සෑම පන්තියකම සිසු දරුවන් සංඛ්‍යාව 35 ට සීමා කරන්නට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරියේදී දැනුම පාදකව සහ රැකියාභිමුඛව අධ්‍යාපන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරන්නට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.