වසර 05 ක පමණ කාළයක සිට කළ රාජාංගනය යාය 05 පාසලේ මුරකාර තනතුරින් තමා ඉවත් කර දැමුවේයැයි පවසමින් එම මුරකරු අද (20දා) එම පාසලේ ජල ටැංකියට නැග විරෝධතාවක නිරතවිය.
නිහාල් චන්ද්‍රසිරි (44) නැමති මුරකරු ස්වෙච්චාවෙන් අවුරුදු 03 ක් පමණ මුර සේවයේ නිරතව සිට ඇති අතර, පසුව වසර 02 ක පමණ කාලයක් දෙමාපියන්ගෙන් ලබා දුන් රුපියල් 6000 ක මුලකට සේවය කර ඇත.
