පාසල් නිල ඇඳුම් තිළිණපත් වවුචර 2017 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මෙවර නිල ඇඳුම් තිළිණපත් වවුචර කාණ්ඩ 14 ක් යටතේ නිකුත් කෙරෙන අතර වර්තමාන වෙළඳපොල වටිනාකම අනුව සලකා බලා රු. 500 සිට රු. 1,700 ක වටිනාකමකින් යුක්ත ව නිල ඇඳුම් තිළිණ පත් නිකුත් කර තිබේ.
ඉතාමත් විධිමත් ක්‍රමවේදයකට අනුව බෙදාහැරීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ද තමන් කැමති ඕනෑම වෙළඳසැලකින් වවුචරය ඉදිරිපත් කර තමන්ට හිමි නිල ඇඳුම් රෙදි ලබාගැනීමට හැකිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල ශිෂ්‍යයන් 4,139,164 දෙනෙකු හා පිරිවෙන්වල පැවිදි ගිහි ශිෂ්‍යයන් 67,200 දෙනෙකු සඳහා නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමට නියමිතයි. මේ සඳහා වැය කරන මුදල රු.මි. 2,450 ක්.
පසුගිය සමයේ නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී සිදු වූ ප්‍රවාහන, ගබඩා, ඉන්ධන, මෙහෙයුම් සහ වෙනත් වියදම් බොහෝමයක් ඉතිරි කරගැනීමට මෙම ක්‍රමවේදය හරහා හැකිවී තිබෙන බවත් එමෙන් ම වෙළඳුන් කිහිප දෙනෙකු අත පැවති ඒකාධිකාරී බලය ද මෙම ක්‍රමවේදය හරහා බිඳ වැටී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබාදීමෙන් වත්මන් රජය බලාපොරොත්තු වන්නේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා වලින් තොරව රටේ ජනතාවගේ මුදල් ඉතිරි කරදීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අනුව මෙවර නිල ඇඳුම් වවුචර ලබාදීම එළඹෙන සතියේ සිට පාසල් මට්ටමින් ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ව්‍යාපාරිකයින්ට වවුචර ඉදිරිපත්කිරීම සඳහා රාජ්‍ය බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවල ද පහසුකම් සලසා ඇති බව පැවසීය.
මෙම වවුචර්පත් සංකේතවත් ලෙස බෙදාදීම පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.