වැඩිහිටි පරපුරට වඩා වේගයෙන් වර්තමානයේ පාසල් දරුවන් අතර දියවැඩියා රෝගය වේගයෙන් පැතිරී යන බවත්, එය අසතුටුදායක තත්ත්වයක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාසල් දරුවක් උදෑසන ආහාරවේල නොගැනීම, ක්ෂණික ආහාර වෙත හුරුවීම සහ සමබල ආහාරවේලක් නොගැනීම මෙලෙස දියවැඩියා රෝගය ව්‍යාප්ත වීමට හේතුවී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය මේ වනවිට නාගරික ප්‍රදේශවල පමණක් නොව ගම්බද ප්‍රදේශයන්ටද පැතිරයන බවත්, මෙය සෞඛ්‍යයේ වරදක් නොව ජීවන රටාවේ වරදක් වන බවත්, එය වෙනස් කළ යුතු බවත් අගමැතිවරයා කීය.
හිටපු සෞඛ්‍ය ඇමති වත්මන් ජනපති ධුරයේ සහ හිටපු අධ්‍යාපන ඇමති වත්මන් අගමැති ධුරයේ කටයුතු කරන බැවින් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ සංගමයේ 07 වැනි අධ්‍යාපන සැසියට වෙනුවෙන් ගලධාරී හෝටලයේ පැවති උත්සවය අමතමින් අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
ඡායා - ඒශාන් ප්‍රනාන්දු