පාසල් කාලය තුළ උපකාරක පංති පවත්වන පාසල් ගුරුවරුන් සඳහා නීතිය තදින් ක්‍රියාතමක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම පාසල් පද්ධතියේ පවතින ගැටලු අවම කිරීමෙන් පසු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට අදාළව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.