ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නෞකාවේ තිබූ මුහුදු ආරක්ෂක සමාගම් 20කට අයත් ගිනි අවි 2410ක් ශ්රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙසේ බාරගත් අවි සියල්ලම නාවික හමුදාවට අයත් දක්ෂිණ අවි ගබඩාවේ තැන්පත් කර ඇති අතර මෙම අවි සියල්ල නාවික හමුදා භාරයට ගෙන එහි ගබඩාවක තැන්පත් කිරීමත් සමඟ පාවෙන ආයුධගබඩා සංකල්පය සම්පූර්ණයෙන්ම අවසන් වූ බව නාවික හමුදාව පවසයි.
මෙම ගිනි අවි භාරගැනීමේදී එක් සමාගමකට අයත් පිස්තෝලයක් අස්ථානගතවී ඇති බව එම සමාගම පවසා ඇත. ඇවන්ගාඩ් 'මහනුවර' නෞකාවේ ගබඩා කර තිබියදී එම ආයුධය මෙසේ අස්ථාන ගත වී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් ගාලු වරාය පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.