පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එම පක්ෂයේ උපනායක ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව කථානායකවරයාට හෝ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදිය යුතු බවයි.