නියමිත විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට තිබූ පාලම ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලික විභාග මධ්‍යස්ථානයක් ඉදිකොට විභාග පරීක්ෂකවරුන් 'ආරක' මගින් එහි පැමිණ දරුවන් තිදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ පුවතක් 'අද' ට වාර්තා වේ. මෙසේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක සිට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ මාතර පිටබැද්දර නවෝද්‍යා පාසලේ ඉගෙනුම ලබන ලහිරු සඳරුවන්, ශානිකා ලක්මාලි සහ තරූෂ සෞම්‍ය යන දරුවන් තිදෙනාය.
ඊයේ (17දා) උදෑසන 7.00 ට පමණ මෙම දරුවන් තිදෙනා දෙමාපියන් සමග පිටබැද්දර බලපත්ඇල්ල හරහා විභාග මධඨස්ථානය වෙත යෑමට පැමිණියද අඩි 08 ක පමණ උසට ජලය දමා පාලම යටවී තිබී ඇත. ඒ අනුව හදිසි ඇමතුම් දුරකථන අංක 199 වෙත ඇමතුමක් ලබාදීමෙන් පොලීසිය විසින් අවශ්‍ය පහසුකම් සලසා ඒ අසල ප්‍රජා ශාලාවක විභාගය පැවැත්විණි.
මහේෂ් මලවරආරච්චි/ එන්.කේ. ඉන්ද්‍රවංශ