පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ආනයනික සීනි සඳහා වන බදු ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමෙන්, සීනි අලෙවිය සඳහා නියම කර ඇති, කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 95/- ක් වන උපරිම සිල්ලර මිලට කිසිදු බලපෑමක් නොමැති බව මුදල් අමාත්‍යාංශය කියයි.
ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමත් සමග මෙතෙක් පැවති ශත විසිපහක බද්ද රුපියල් 2/- දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර ආනයනික දුඹුරු සීනි (Raw Sugar) කිලෝග්‍රෑමයක් සඳහා රු.15/- ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පනවමින් ක්‍රියාත්මක කර තිබේ.