පාරිසරික පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය (ESCAMP) 2016 – 2021 කාලය තුළ ක්‍රියාත්මක කිරීම රජය තීරණය කර තිබේ.
එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සමායතනය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇති අතර, ඇමෙරිකන් ඩොලර් මිලියන 45 කට සමාන ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.
හඳුනාගත් ප්‍රදේශයන්හි සංවේදි පාරිසරික පද්ධති කළමනාකරණය, වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ ජනතාව සතු හැකියාව වර්ධනය කිරීම, අලි – මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම, තිරසර ස්වාභාවික සම්පත් භාවිතය සහ ආරක්ෂණය මඟින් මහජනතාව වෙත ප්රතිලාභ හිමි කර දීම අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.