මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොග මහා පරිමාණයෙන් ගෙන්වා එම සීනි නව ඇසුරුම්වල අසුරා මධ්‍යම පළාත පුරා බෙදාහරින ආයතනයක් වැටලීමට මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු සමත්වූහ.
මැණික්හින්න ප්‍රදේශයේ ගබඩාවක් වැටලූ නිලධාරින් එහි ගබඩා කර තිබූ කල් ඉකුත්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු, රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා සීනි තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.