බිල්පත් ගෙවීම, ජංගම දුරකථන රීලෝඩ් දැමීම වැනි සියළු ආකාරයේ පාරිභෝගික ගෙවීම් දිවිනැඟුම බැංකු හරහා සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා Pay and Go Processing (PVT) LTD සමාගම හා ගිවිසුම් අත්සන් කිරීම අද (08දා) සිදුවෙයි. සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.