පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සමාජය සවිබල ගැන්වීම සඳහා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පාසල් ගුරුවරුන් හරහා මෙම දැනුවත් කිරීම සිදුකිරීම සඳහා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව ගුරුවරුන්ට වැඩමුළු පවත්වා අවශ්‍ය දැනුම ලබාදීම පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල තෝරාගත් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන මේ මස 27 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.